ඒ ආදරනීය බිරිඳ ස්කයිප් හරහා පුතාගෙ මූන පෙන්නල මට කියපු වදන් පෙල.
"ඔයා වැටුනද......?"
"ඔව්......දොක් ගා…….ල වැටුන"
"සිදුනද ඔයාට...?"
"ඔව්"
"ඇඩුවද ඔයා...?"
"ම්ම්ම්......."
"ඔයා බයවුනාද....?"
"නැ"
දැන් එයා යමක් දරාගන්ඩ පුලුවන් ලොකු මිනිහෙක් වෙලාද ? නැතිනම් ගිරව වගේ අම්ම උගන්නපු එක කියනවද දන්නෙ නෑ.
දහසක් භාදක මැද පුතා දැන් ලොකු ලමයෙක් කියල මට හිතෙනව.මම පුතාගෙ තාත්ත නිසා එහෙම හිතෙනව වෙන්ඩත් පුලුවන්.කොහොමවුනත් මට එහෙම හිතෙනව.පුතාගෙ අම්මටත් එහෙම හිතෙනවද දන්නෙ නෑ.පුතා පුතාගෙ අම්මගෙ බඩට එන්ඩ කලින් ඉදලම අම්මටයි මටයි තිබුන අනේක විද කරදරනම් තාම නිමක් නෑ.ඒත් පුතා දැන් ලොකුයි.
කරුනු කාරනා එක පෙලට ගොඩගැහෙන්නෙ හරියටම ලොකූ කතාන්දරයක් වගේ.
තාත්ත තිබුන රස්සාවෙන් අයින් උනගමන්ම අම්මව බැන්ද හැටි.ඊටපස්සෙ රස්සාවක් හොයාගන්ඩ තාත්ත ගත්ත උත්සාහය.ඒ අතර පුතා අම්මගෙ බඩට ආපු හැටි.අම්මට ඇඟට අමාරුයි කියල චාන්දනී අක්ක ලඟට බේත් ගන්ඩගියාම මූත්‍රා පරීක්ශනයක් කරන්ඩ කියපු හැටි.ආපහු ගෙදර එද්දි බයිසිකලේ මහා වැස්සකට තෙමුනු හැටි.රස්සාවක් නොතිබ්බට ඒව හරිම සුන්දර මතකයන්.
ඊටත් පස්සෙ අම්මට "බ්ලීඩ්" වෙනව කියල ඒක බලන්ඩ උඩහගෙදර අයිය හම්බවෙන්ඩ කෝච්චියෙ හෝමාගම ගියහැටි.ඒ අතර අමමව දාල තාත්ත "උඩවලවේ සෆාරියක්" ගියහැටි.
අම්ම කිව්ව,
"ඔයා නැති දවස්වල මම අයියලත් එක්ක ගොඩක් තැන්වල ඇවිදපුනිසා ඔයා ගිහින් එන්ඩ ,මම අම්මත් එක්ක ඉන්නම් කියල".
ඊට පස්සෙ පිටරට රස්සාවකට යන්ඩ සේරම ලෑස්ති කරල තියෙද්දි පුතාගෙ තාත්ත හොද්ටම අසනීප උනහැටි.උදව්කරපු හැමෝටම පිං සිද්දවෙන්ඩ තාත්ත නොමැරි බේරුන හැටි.අගහිගකම් මැද ඒකාලෙ ගෙවුන හැටි.තාත්තට වැඩක් පලක් කරගන්ඩ බැරිව මාසගානක් හිටපු හැටි. ඒ කාලෙ අම්ම තඩි බඩගෙඩියකුත් උස්සං තාත්තට සාත්තු කල හැටි.හැගීම් සේරම පපුව හිරකරගෙන උගුර ගාවට ඇවිත් නවතිනව.
ඊටත් පස්සෙ තාත්තගෙ රටයන්ඩ වීසත් ගහල එයා(ර්) ටිකට් එක ගන්ඩ මගට යනකොටම අම්මගෙ "වෝට බෑග් එක" කැඩිල වතුර යනව කියල තාත්ත ආපහු හැරිල ගෙදර ආපු හැටි.එනගමන් වාහනයක් හොයන්ඩ ගියාම වාහන පාක් එකේ තිබුන එකම එක වාහනේ වයස අවුරුදු 60ක විතර අංකල් කෙනෙක් හිටපු හැටි.දොස්තර අයියගෙ උපදෙස් පිට පැය එක හමාරෙන් කොළඹට යන්නෙ කොහොමද මේ අංකල් එක්ක කියල මංජු අක්ක අහපු එක අංකල් සීයට ,එකසිය විස්සට පාගල බොරුකරපු හැටි.අන්තිමට සේරම තීරන වෙනස්කරල "කාසල්" එකට ඇතුලු කල හැටි.ක්ලිනික් නොගියත් එතන හිටපු අය ප්‍රශ්න කරන්නෙ නැතුවම අම්මව ඇතුලත් කරගත්ත හැටි.ඒ සේරම පුතා මේ ලෝකෙට කොහොමත් එන්ඩම ඕන කෙනෙක් නිසා වෙන්ඩ ඇති කියල තාත්තට දැන් හිතෙනව.ඒකයි පුතාට
"දුනිත"
කියලම දාමු කියල තාත්ත කිව්වෙ.
ඊට පස්සෙ අම්ම බලන්ඩ තාත්ත පාන්දර තුන හමාරෙ කෝච්චියෙ හැමදාම කොළඹ ගිය හැටි.ඒ යනකොට හැමෝම මාරුවෙන් මාරුවට ගෙනියන්ඩ කෑම උයල දුන්නු හැටි.රේදි හෝදල දුන්නු හැටි.උදේම අම්ම බලල ආපහු ඇවිල්ල තාත්ත පුතාගෙ "වසන්ත මාම"ගෙ ඔෆිස් එකේ සීකුරුටි කූඩුවට වෙලා දවල් අම්මව බලන්ඩ යනවෙලාව වෙනකන් නිදාගත්ත හැටි.දවල්ටත් ,රෑටත් කැම කඩෙන් අරගෙන ගිය හැටි.හවස අම්ම බලන්ඩ කාසල් එකේ ගේට්‍ටුව ලඟ තෙරපි තෙරපි හිටය හැටි.හොදටෝම රෑවෙලා තාත්ත හැමදාම රැ ගෙදර ආව හැටි.ඊටත් පස්සෙ දවසක් හවස තාත්ත යද්දි අම්මට අමාරුවෙලා පුතා හම්බවෙන්ඩ එක්කගෙන ගිහිල්ල තිබබ හැටි.පුතා හම්බවෙන්ඩ හරියටම තව මාස්යක් තිබ්බ නිසා තාත්තට තිබ්බ හිතේ කරදරේ.අම්ම බලන්ඩ තාත්ත යද්දි,
"අම්ම විතරයි පුතා කෝ?"
කියල තාත්තගෙ මුලු ඇඟම හීතල වෙලාගිය හැටි.පුතා බලන්ඩ "බේබි කෙයා" යුනිට් එකට තාත්ත එක පිම්මෙ දිව්ව හැටි.පුරා දින හතක් පුතා වීදුරු පෙට්ටියෙ ඉදල එලියට ආපුහැටි. මේ කාලෙ අතරතුර අම්ම විදපු වද වේදනා , සිතතැවුල් ලියනවනම් අම්මටත් ඇති පොත්ගනන් ලියන්ඩ.ලෝකෙ ඕනම අම්මෙකුට තාත්තෙකුට ඇති මේවගේ අද්දැකීම් කප්පරක් ලියන්ඩ.
අන්තිමට තුන්දෙනාම හොදින් ගෙදර ආපුහැටි.
පුතා ගෙදර ආවමනම් හිටියෙ මෙහෙම.
තාත්ත රට ඉන්න දවස්වල පුතාට උන හැදිල "රිජ්වේ" එකට එක්කගෙන ගියවෙලාවෙ එතන හිටිය දොස්තරල පුතා දිහා අමුතුවිදියට බලල කටුකුටු ගාද්දි
"මොකද වෙලා තියෙන්නෙ කියල කියන්ඩ ...?"
කියල අම්ම කෑ මොර දුන්නෙ දොස්තරලගෙ කටුකුටුව තවත් ඉවසගෙන ඉන්ඩ බැරිම නිසා වෙන්ඩ ඇති.
"ලමයගෙ genetic disorder එකක් කියල අපි සැකකරනව,කෝකටත් පරීක්ෂනයක් කරගන්ඩ,දැනට ආසිරි එකේ කරනව, ඇයි කාසල් එකේන් කිව්වෙ නැද්ද..?"
කියල අහද්දි මොන අම්මටද තමන්ගෙ දරුව එහෙමයි කියල එකපාරටම විශ්වාස කරන්ඩ පුලුවන්.
තාත්තනම් කිව්ව "මොන පරීක්ෂනද ..දොස්තරලට පිස්සු...උන් පිස්සු කියෝනව..පරීක්ෂන ඕන නෑ" කියල හිතෙ පොඩි අව්ලක් නොතිබ්බමත් නෙවෙයි.අනික ඕක දැනගත්ත කියල අපි මොනා කරන්ඩද?
ඔක්කෝමල අම්මට කියල තිබ්බෙ ඔය දේමයි.
අන්තිමට අම්මගෙ කෙදිරිය ඉවසන්ඩ බැරිම තැන, අම්ම ඉන්නෙ හිතේ ගොඩාක් කරදරෙන් කියල තාත්තට තේරුන නිසා තාත්ත කිව්ව එහෙනම් පරීක්ශනේ කරන්ඩ කියල.ප්‍රතිඵලය
"නෙගටිව්".
ඒකනෙ තාත්ත මුල ඉදලම කිව්වෙ.අම්ම කියන් දේ ඇහැව්වෙ නෑ.
ඊට පස්සෙනම් පුතාට මොකුත් විශේෂ දෙයක් උනේ නෑ ඔය පොඩිපොඩි බඩේ අමාරු ,උන ගැනීම් වගේ දේවල් ඇරුනහම.පුතා ඉපදුනේ අඩුමාසෙන් නිසා ඉපදෙනකොටම පුතා ගොඩාක් බර අඩු නිසා පුතාව සාමාන්‍ය තත්වෙට ගන්ඩ අම්ම ගොඩාක් මහන්සිඋනා.වැඩිකල් නොයාම අම්මට පුලුවන් උනා පුතාව ඒ තත්වෙට ගන්ඩත් පුතාගෙ සමවයසෙ ලමයින්ට වඩා හොද වර්දනයක් පෙන්නුම් කරන්ඩත්.පුතාගෙ දත්නම් ආවෙ ගොඩාක් පරක්කුවෙලා.අඩු මාසෙන් ඉපදුනාම දත් එනව පරක්කුයි කියල දොස්තරලත් කියල තිබුන.අනික් ලමයින්ට වඩා ඉක්මනට පුතා කතාකරන්ඩ ගත්ත.පුතා සින්දුත් කියනව කතන්දරත් පුතට පාඩම් දැන්.මේ ලඟදි පුතා එයගෙ දෙවනි උපන්දිනේ සැමරුව.මේ තියෙන්නෙ එදා ගත්ත පිංතූරයක්,

පුතා එයාගෙ වයසෙ ලමයි එක්ක ඉන්නකොට හොද උස මහතට පේනව කියල අම්ම කියනව.එයා පුතාගෙ අම්ම නිසා එහෙම පේනවද දන්නෙ නෑ කියලත් අම්මට හිතෙනවලු.පුතා හොදට රඟපාන්ඩ දන්නව කියල අම්ම කියනව.දවස තිස්සෙම එක එක විකාර වැඩ කර කර ඉන්නවලු.පුතාගෙ විකාර වැඩයි ,රඟපෑමයි ,සිංදුයි ,කතාන්දරයි සේරම තාත්තනම් බලන්නෙ "ස්කයිප් දෙයිය"ට පිං සිද්දවෙන්ඩ.මේ පුතාගෙ ලඟදි ගත්ත තවත් පිංතූරයක්.
පුතාගෙ මාමෙක් මේ ලඟදි ඩුබායි ආව.ඒ එනකොට මාම අතේ පුතා තාත්තට ලියුමකුත් එවල තිබ්බ.පුතා ලස්සනට ලියුම ලියල තිබ්බ.පුතා ලියල තියන භාෂාව අම්මටනම් තේරෙන්නෙ නැතිලු.අම්මට තේරෙන්නෙ නැතිනම් තාත්ත කොහොම තේරුම් ගන්ඩද..?
මොනවවුනත් පුතාගෙ හපන්කමක්නෙ.ඒකනිසා ඒකත් මෙතන නොදාම බෑ.ඔන්න බලන්ඩකො පුතා මොනාද ලියල ත්යෙන්නෙ කියලා...........