
ආයුබෝවන්....!
එහෙම කිව්වෙ මේක සිංහල බ්ලොග් එකක් නිසාවත් , සිංහලෙන් ලියන නිසාවත් නෙවෙයි.ඒක මට ලන්කාවෙ කෙනෙක් දැක්කම දැන් නිකංම කියන්ඩ පුරුදුවෙලා.
ඒකෙන් අදහස් කරන්නෙ නෑ මම අමුම අමු සිංහල පොරක් කියල.නැත්තම් නිකන් ෂෝ එකට එහෙම කරනව කියල.
ඇත්තටම කියනවනම් මම මේක පුරුදු උනේ මගේ හිතේ ඇතිවෙච්ච තරහක් සහ මමගැනම ඇතිවෙච්ච ලජ්ජාවක් නිසා.
ඒක උන විදිය කියනවනම් මේකයි විස්තරේ......
පොඩිකාලෙ ඉදලම මම පුරුදුවෙලා හිටියෙ උදේට කවුරුහරි හම්බවුනම "ගුඩ් මෝනිං"කියන්ඩ.
හැබැයි කවදාවත් අපේ අම්මවත් තාත්තවත් වෙන කවුරුහරි වැඩිහිටියෙක්වත් ඉස්කෝලෙදිවත් කියල දීල නෙවෙයි. හැමදාම හැමෝම කියනව බලාගෙන ඉදල මමත් පුරුදු උනා.ඒකත් පුරුදු උනේ ඉස්කෝලෙ 10 වසරට විතර ගියාට පස්සෙ.උදේට බස් එකේදි හම්බවෙන කෙල්ලොත් එක්ක චැට් එක පටන්ගන්ඩ ලේසිම විදිය,
"ගුඩ් මෝනිං"කියන එක නිසා.
(සමහර කෙල්ලො හැබැයි තාමත් දැක්කම "ගුඩ් මෝනිං" කියනව විතරයි).
ඉතින් ආයේ ඔය "ගුඩ් මෝනිං" කියන වචනෙ කියන්නෙ ඉංග්‍රීසි පාඩමට ටීචර් පංතියට ආවම.
අනික් හැම වෙලාවකම ටීචර් පංතියට ආවම "ආයුබෝවන් ලමයි" කිව්වම "ආයුබෝවන් ටීචර්" කියල ඉදගන්නව.ඒත් මටනම් මතක නෑ කවදාවත් මම ඒ "ආයුබෝවන්" කියපු එක කට ඇරල කියනව.
ඉතින් ඔහොම පටන් ගත්ත එක දිගටම (අවුරුදු 7ක්-8ක් විතර) හැමදාම , හැමෝටම උදේට "ගුඩ් මෝනිං" කියනව.
ඔහොම ඉතින් කාලයක් යද්දි රස්සාවක් කරන්ඩ පටන් ගත්තත් හැමදාම වැඩ තිබ්බෙ මහා කැලෑවක් මැද්දෙ, එහෙමත් නැත්නම් මිනිස් පුලුටක්වත් නැති තැනක.මොකද මම රස්සාව කලේ ඉදිකිරීම් සමාගමක නිසා.
ඔහොම කාලයක් ඉන්නකොට මට සිද්දවුනා ඔන්න කොලඹ යන්ඩ රස්සාවකට.ඔන්න අයෙමත් පටන්ගත්ත "ගුඩ් මෝනිං".
හැබැයි ටිකක් කෙටිකරල "මෝනිං" කියල තමයි කියන්නෙ.උදේම කෝච්චියට නගින හැමෝටම,
"මෝනිං" "මෝනිං" "මෝනිං"
කියල ගිහිල්ල ඉඩතියන තැනක් බලල වාඩිවෙලා පලමු වටේ නිදාගන්නව.ඉස්සරලාම නැගිටින්නෙ "වේයන්ගොඩින්".මොකද ලොකු සෙනගක් පොරකාල නගින්නෙ එතනින් ඉස්සරලාම.
එතකොට ඇස් ඇරල බලපුවම ඔන්න දන්න අදුනන නංගිල කීපදෙනෙක් ඉන්නව.එයලටත්
"මෝනිං" " මෝනිං"
කියල අයෙමත් නිදාගත්තම ඇහැරෙන්නෙ ගම්පහින්. ඉතින් අර වේයන්ගොඩින් නැගපු නංගි කෙනෙක්ට සීට් එක දීල මම නැගිටිනව.ඔන්න එතකොට තව 10ක්-15ක් ඉන්නව අදුනන අය. සේරටම "මොනිං"කියල, අන්තිමට "මරදාන"ට යනකන් ගිහින් බැහැල ඔෆිස් යනව.ගියවෙලේ ඉදන් එන එන කෙනාට "මෝනිං" කියනව. ඔහොම අවුරුද්දක් හමාරක් යද්දි කටේ දිවේ ගෑවෙන්නෙ නැතුව "මෝනිං"කියන්ඩ මම කොහොමහරි පුරුදූනා.
ඔන්න ඔහොම ඉන්නකොට මගෙ පරන කරනලද අකුසලකර්මයකට පිං සිද්දවෙන්ඩ මට "කටාර්"දේශයේ රස්සාවකට අවස්තාවක් ලැබුන.එහෙ ගිය මුල්ම දවස්වල මට වැඩ පොඩ්ඩක් අල්ලගන්ඩ අමාරුවුන නිසා මුලදි මට එච්චර පිලිගැනීමක් තිබුනෙ නෑ ඔෆිස් එකේ.ඉතින් උදේම ලොක්කෙක් දැක්කම "මෝනිං" කියල කටින් පනිනව, මොකද එහෙමහරි ශේප් එකේ ඉන්ඩ ඕනනේ වැඩ ටිකක් අල්ලගන්නකන්.ඉතින් මේ ඔෆිස් එකේ හිටිය උන්ගෙන් 75%ක් විතර අරාබි කාරයො.උන්ට ,
"මොනිං" කිව්වම උන්,
"අසලාම් අලික්කුම්"කියනව.
අපේ ගමට අල්ලපු ගම මුස්ලිම් ගමක් නිසා මම දන්නව මුන් මුස්ලිම් නිසා තමයි මෙහෙම කියන්නෙ කියල.
ඒත් ඉතින් මමත් එක්ක කෝච්ච්යෙ යන මුස්ලිම් යාලුවන්ට "මෝනිං" කිව්වම උන් "මෝනිං" කියල කියනවනෙ? .උන් උන් දෙන්නෙක් සෙට් උනාමනම් මම දකිනව "අසලාම් අලික්කුම්"කියනව.ඒත් මේක මර සීන් එකක් නෙ මුන්ට කිව්වම මුන් ගනන් ගන්නෙ නෑ. අංතිමට මමත් සලාම් කියන්ඩ පටන් ගත්ත.ඔෆිස් එකේ ඉන්නව ඉන්දියන් කාරයො 3කුයි පිලිපීන්2කුයි ලංකාවෙ 2කුයි මායි ලංකාවෙම 3යි. උන්ටනම් "මෝනිං"කිව්වම සුපුරුදු ප්‍රතිචාර ලැබෙනව, "මෝනිං" කියල.
ඉතින් ඔහොම කාලයක් යද්දි ඔන්න දැන් වැඩ එහෙම ටිකක් අල්ලගෙන මම ඔෆිස් එකේ ස්තාවර තත්වයකට එන කාලෙ.දැන් ටිකක් දන්නව මොනවද මුන් කතකරන භාෂා එහෙම කියල.ඔහොම ඉන්නකොට තමයි මට තේරුනේ. ඉන්දියන් කාරයොත් අපිට මූනට "මෝනිං" කිව්වට උන් උන් සෙට් උනාම "නමස්තේ ජී"......"නමස්කාර් සහාබ්"කියකිය බදාගන්නව.ඔහොම ඔහොම මට තේරුනා අරාබි කාරයො විතරක් නෙවෙයි ඉන්දියන් කාරයොත් තමන්ගෙ උන් හම්බෞනම තමන්ගෙ භාෂාවල් වලින් තමන්ට උරුම උන දේවල් වලින් තමයි අදහස් හුවමාරු කරගන්නෙ කියල.ඉතින් ඇත්තනෙ තමන්ගෙ රටේ, තමන්ගෙ ජාතියෙ, තමන්ගේ භාෂාව කතාකරන දෙන්නෙක හම්බවුනාම මොකටද වෙනිං කාගෙවත් භාෂාවකින් කතකරන්නෙ.මම මේක කිව්ව මගෙ යාලුවෙකුට.හැබැයි නිකං ඔහේ කියවගෙන යද්දි කියවුනා.මිනිහා මෙන්න මෙහෙම කිව්ව.
"මචන් මේකයි, ඕක අපේ උන්ගෙ තියන මහා ඔල මොට්ටල ගතියක්,ඉංග්‍රිසියෙන් කතකරන්ඩ ඕන තමයි,
නමුත් ඉතින් තමුන්ගෙ ජාතියෙ මිනිස්සු ඉස්සරහ තමුන්ගෙ භාශාවෙන් කතාකරන්ඩ පුලුවන් කමක් තියෙද්දි වෙන භාෂාවකින් කතාකරනෙ මොකටද?"
මම කියනව "එතකොට මිනිස්සුන්ගෙ උගත් කම පේනව, හොද රස්සාවක් කරනව කියල අපිට පේනවනෙ මචං"
"බංබුව,ඒකෙන් උගෙ ඉංග්‍රීසි දැනුම තියනව කියල පෙනුනට උන්ට මොලයක් තියනව කියල කොහොමද යකෝ කියන්නෙ..?"
"ඇයි...?"
"ඇයි යකෝ.....උඹ හිතන්නෙ උඹගෙ ජාතියට වඩා අනික් ජාතිය උසස්, උන්ගෙ භාෂාව උසස්, උන්ගෙ ගතිගුන උසස් කියල .
උඹගෙ ජාතිය ගැන උඹට අභිමානයක් නැද්ද.....? උඹ හිතන්නෙ උඹේ ජාතියට වඩා උන් මහ අභිමනවත් ජාතියක්.
උඹ උන්ව අනුගමනය කලොත් උඹත් මහ වැදගත් පුද්ගලයෙක් වෙනවා කියලද...?"
"අනේ නෑ මචන්, මම එච්චර ඒ ගැන හිතුවෙ නෑ.පොඩිකාලෙ ඉදල පුරුදු උන දෙයක් නිසා මමත් ඔය "මෝනිං" කියල එහෙම කියනව"
"ආආ.......බලපන් "මෝනිං" කියන එකේ තියනවද කිසිම ප්‍රානවත් ගතියක්.නිකම්ම නිකං "උදයක්" කිව්වම මොකක්ද බං ඒකෙ තියන ප්‍රානවත් ගතිය
ඒවගේද බං උදේම "ආයුබෝවන්" කියල ඒ කෙනාට "ආයුශ වැඩිවේවා" වගේ දෙයක් ප්‍රාර්තනා කරන්ඩ බැරි.
ඒක උඹේ භාෂාවෙනුයි උඹේ සංස්කෘතියෙනුයි ආපු දෙයක් නේද..?ඒ තරම් වැදගත් දෙයක් අරවගේ නොවැදගත් දෙයකට වාඩ පහත් කියල උබ හිතන් ඉන්නෙ ඇයි...?"
"නෑ මචන් මම එහෙම ඩෙයක් කල්පනා කරල නෙවෙයි මෙච්චර කල් එහෙම කලේ...?"
"අනික අපේ උන් එහෙම කලාට අනික් රටවල් වල උන් එහෙම කරනවද...? ඒකනෙ උන් උන්ගෙ උන් දැක්කම "සලාම් අලික්කුම" "නමස්තෙ" "නමස්කාර්"කියන්නෙ.
උන්ට උන්ගෙ ජාතිය ගැන අභිමානයක් තියනව, අපේ උන්ට ඒක නෑ.." යාලුව දන්නවිදියට පැහැදිලි කලා.
මමත් ඉතින් ඒක හිතේ තියගෙන පහුවෙනිද ඔෆිස් එකට ගිහින් උදේම ලංකාවෙ එකා හම්බවුනම
"ආයුබොවන්" කියල කිව්වම මූ
"ඈ....?"
"ආයුබොවන්"
"මොකඩ බං උඹට වෙල තියෙන්නෙ...?" කියල අහනව.
මමත් ඉතින් පොඩි හිනවක් දාල යන්ඩ ගියා.එදා ඉදල මම ලංකවෙ කෙනෙක්කොහෙදි කොයිවෙලාවක හම්බවුනත්
"ආයුබෝවන් තමයි කියන්නෙ.දැනටත් කවුරුහරි හම්බවෙලා "ආයුබෝවන්" කිවුවම "ඈ......?" කියන අය නිතර හම්බවෙනව.
ඉතින් මේක මගෙ පලමු පොස්ට් එක වෙච්චි..........
මෙච්චර ලියන්ඩ හිතගෙනත් නෙවේ පටන්හත්තෙ.මොනව ලියනවද කියල හිතලත් නෙවෙයි පටන් ගත්තෙ.මම ලියන්ඩ දක්ශයෙකුත් නෙවෙයි.
කියවන්නෙත් නෑ එහෙමටම.නෙට් එකේ පත්තර ටිකනම් බලනව නොවරදවාම.මේ ලගදි ඉදන් සිංහල් බ්ලොග් කියවනව.
මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්ඩ.වෙන මොකුත් නෙවෙයි.කියන දේවල් අහගන ඉන්ඩ බැරිනම් ලියන දේවල් බලන්ඩවත් පුලුවන්නෙ කැමතිකෙනෙකුට.
එහෙමත් බැරිනම් ලිපු දේවල් මෙ බ්ලොග් එකේ තියෙන්නෙවත් නැතෑ කාලයක්...........මට හරි බලන්ඩ පස්සෙ කාලෙකදි.
එහෙනම් හැමොටම සුභ.....
මීට සිරිබිය....
No comments:
Post a Comment