Wednesday, August 25, 2010

වීස...






ඇත්තටම මේ අරාබි රටවල් වලට ආවම මෙහෙ තියන නීති රීති ගැන වෙලාවකට කල කිරෙනව.තියන වෘර්තීය සුදුසුකම්වලට හරියන්නෙ නැති, ඒ කියන්නෙ කරන රස්සාවට ගොඩාක්ම වෙනස් රස්සවකට දෙන වීස එකක් ගත්තාම විදින්ඩවෙන කරදර නිමක් නෑ.මටත් ඒගැන සුලු සුලු අද්දැකීම් තියනව.ඩුබායි එන්ඩ කලින් මම හිටිය කටාර් වල.මට තිබ්බෙ "විදුලි කාරිමික" වීසා බලපත්‍රයක්.ඒකෙන් පුලුවන් කොයිම වෙලාවක හරි පොලිසියෙන් ඇල්ලුවොත් හැදුනුම් පත පෙන්නල පොලිස් කූඩුවෙ ලගින්නෙ නැතුව බේරෙන්ඩ විතරයි මම දන්න විදියටනම්. අනික් කාරනය තමයි වීස අයදුම් කරන්ඩ වෛද්‍ය පරීක්ශනයට ගියාම මට සහ තව මාත් එක්ක පරීක්ශනයට ගිය කීපදෙනෙකුටම සැලකුවෙ හරියට මරන්ඩ ගෙනියන හරක් දක්කන විදියටමයි.අපි කරන ජොබ් එකම කරන පිලිපීන් ජාතිකයටනම් එහෙම කරදර උනේ නෑ.මිනිහ අපිත් එක්කම ගිහිල්ල වෙන දොරකින් ඇතුලුවෙලා ඉක්මනටම වැඩෙත් කරගෙන ඉක්මනටම ආපහු ගියා.අපි ඉතින් පැයගානක් පෝලිමේ ඉදල හවස්වෙලා ගෙදර ආව.පිලිපීන් එකාගෙ වීස ඒක ප්‍රොෆෙශනල් ලු.ඒ කාලෙ අපේ නොදැනුවත් කම නිසා ඔහොම කට්ට කාගෙන හිටිය.දැන් උනත් මට තියෙන්න වීස එකේ ගහල තියෙන්නෙ "ෆලෝ අප් ක්ලාක්" කියල.

මට මේගැන මතක් උනේ මේදවස්වල මගෙ යාලුවෙකුට වෙලා තියන වැඩක් නිසා.පලවෙනි වතාවට තමයි මිනිහ අරාබි පොලවෙ පයගහල තියෙන්නෙ.පව්ලේ උදවියට වීස ගහන්ඩ තරම් පුලුවන් මට්ටමේ පඩියක් ගන්නෙත් නෑ.ලඟදි මිනිහ නිවාඩු ගියා.කසාදයක් එහෙම කරගෙන ඇවිල්ල මිනිහා වයිෆ්ව ගන්ඩ වීසා ගන්ඩ ගියාමයි දන්නෙ වීස ගන්ඩ බෑ කියල.විස්තරේ කියපුවම ආයතනෙ ලොක්කට,ලොක්ක දුන්න විසඳුම තමයි දෙන්නට ඉන්ඩ කාමරේකුයි වයිෆ්ට වෙනම් වීස එකකුයි දෙන්නම් කියපු එක.ඉතින් මිනිහ කැමතිවෙලා ඔන්න කොහොමහරි වයිෆ්ව ගෙනාව.ඕක ගැන අපි ටිකක් දැනමුතුකම් තියන අපේ වැඩිහිටියෙකුගෙන් අහපුවාම එයා කිව්ව ඒක ටිකක් භයානක වැඩක් මේ අරාබි රටවල්වල, ඒක නිසා සැමියා සහ බිරිඳ කියල ඔප්පු කරන්ඩ පුලුවන් ලියකියව්ලි ටික ලඟ තියාගන්ඩ කියල.ඔන්න ඒපාර ගෙදරට කතාකරල විවාහ සහතිකේ පරිවර්තන කොපියක් එහෙම සහතික කරල ලඟ තියාගෙන ඉන්නව.දැන් තියන ප්‍රශ්නෙ දරුවෙක් එහෙම බඩට ආවනම් මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙ.එතකොට මොකද කරන්නෙ කියලනම් තාම කාගෙන්වත් හරිහමන් උපදෙසක් ලැබුනෙ නෑ.අපිනම් උපදෙස් දුන්නෙ ටිකක් ඉවසල ඉදපන් කියල.එහෙම කියන්ඩ කාටවත් අයිතියක් තියනවද..?

ඔහොම ලියාගෙන ලියාගෙන යනකොට මට මතක්වුනා කාලෙකට ඉස්සර මගේ ඉන්දියන් යාලුවෙක් එවපු මේල් එකක තිබ්බ පොඩි කතාවක්.මෙහෙමයි ඒ කතාව.

ඔන්න ඉන්දියාවෙ කොහෙද තැනක තියන සත්තුවතක ඉන්නවලු කේසර සිංහයෙක්.ඉතින් මූට හය හතර තේරෙන කාලෙදිලු මේ සත්තුවත්තට ආවෙ.එදා ඉදල අඩි අටයි දහයෙ කූඩුවකට වෙලා මූ ජීවිත කාලෙම ගෙවල තරුන වයස ආවම මූට යමක් කමක් තේරෙන්ඩ පටන් ගත්තලු.ඔන්න ඉතින් රටේ ලෝකෙ වෙන දේවල් ගැන එහෙම දැන් දැනුම් තේරුම් යන කාලෙදි මූට හිතෙනව

"පොඩිකාලෙ ඉදලම මට දැන් මේකෙ ඉදල එපාවෙලා, අඩුතරමෙ වෙන තැනකටවත් මාරුවෙන්ඩ තිබ්බනම්,
අනික හැමදාම එකම මස්ජාතියම කාල එපාවෙලා, පෙලවහක්වත් කරල දෙන පාටකුත් නෑ"

ඔහොම ලතැවි ලතැවි ඉන්නකොට දවසක් ඔන්න වාසනාව සිංහයව හොයාගෙන එනව. කොහොමද...?

දවසක් දා ඩුබායි රාජ්ජ්‍යයේ ශේක් වරයෙක් යනව මේ සත්තු වත්ත බලන්ඩ.ඔහොම යනකොට දකිනව මේ තරුන සිංහයව.ශේක්ට හිත යනව මේ සිංහයට.ඉතින් මෙයා සත්තුවත්ත අයිතිකාරය හම්බවෙලා කියනව

"ඔයාට අර සිංහය කීයක් වටිනවද ,මට කීය උනත් ඌව ඕන"කියල.

සත්තුවත්ත අයිතිකරයත් හොද ගානකට සිංහයව ශේක්ට දෙන්ඩ කැමතිවෙනව.
සිංහයගෙ සියලු බලාපොරොත්තු උතුරා දෝර ගලන්ඩ පටන්ගන්නව.ඉතින් සිංහයට මෙහෙම හිතෙනව.

"මගෙ නරක කාලෙ ඉවරයි,දැන් ඉතින් තුන්වේල හොඳට කාල , හොද සැප ඒ.සී කාමරේකට වෙලා ඉන්ඩ පුලුවන්
,පෙලවහක් උනත් කරල දෙන්ඩ බැරිකමක් නෑ"

ඉතින් සිංහය බොහෝම සන්තෝසෙන් පිටත් උනාලු ඩුබායි යන්ඩ.ඔන්න ඉතින් පැය තුන හතරක් ෆ්ලයිට් එකේ ගිහිල්ල සිංහය ඩුබායි වලට ආව.දැන් සිංහයට හොදටම මහන්සියි.බඩත්ගිනියි.

"කමක් නෑ අඩ රෑට හොදට කන්ඩ හම්බවෙයිනෙ"

කියල හිත හදාගෙන ඉන්නව.සිංහය අලුත් සත්තුවත්තෙ කූඩුව ගාවට අරගෙන ගියා.ලස්සනට පිලිවෙල්කට කූඩුව තියනව.ලයිට් හතක් අටක් දාල ලස්සනේ බැරුවා.දැන් හිතුව ඩෙවල් සෙරම තියනව.තව එක ප්‍රශ්නයයි තියෙන්නෙ.කෑම.පැය දෙකතුනකට පස්සෙ සිංහයට බඩගිනි උහුලන්ඩම බැරිවෙනකොට ඔන්න ඈතින් එනව පේනව කෑම බෙදන කොලුව.සිංහයට ඉවසිල්ලක් නෑ මොනවද කන්ඩ තියෙන්නෙ කියල බලන්ඩ.ඔන්න කෑම බෙදන කොලුව කූඩුවගාවට ඇවිල්ල කෙසෙල් ගෙඩි දෙකකුයි ඇපල් ගෙඩි දෙකකුයි කූඩුවට දාල යන්ඩ ගියා.සිංහයට හිතාගන්ඩ බැරිලු ඒ මොකද කියල.අන්තිමට හිතහදාගත්තලු මොකක්හරි වැරදීමක් වෙන්ඩ ඇති කියල.කමක් නෑ හෙට උදේ කෑම එක හරියට ලැබේවිනෙ කියල බඩගින්නෙම නිදාගත්ත.ඔන්න උදේම කෑම දාන කොලුව කූඩුවලට කෑම දාගෙන එනව.සිංහයත් බලන් ඉන්නව මොනවද දාන්නෙ කියල.උදෙත් කෙසෙල් ගෙඩි දෙකයි ඇපල් ගෙඩි දෙකයි දාල කොල්ල ගියා.සිංහයට දැන් හොදටම කේන්තියි.

"හරි බලමුකො දවල්ටත් මොනවද දේන්නෙ කියල, කෙසෙල් ගෙඩි දුන්නොත් අල්ලගන්නව ඕකගෙ බෙල්ලේන්"

කියල හිතගත්ත සිංහය දවල් වෙනකනුත් බඩගින්නෙ.දවල්ට කෑම දාන්ඩත් කොලුව එනව.සිංහයත් සීරුවෙන් ඉන්නව මොනවද දාන්නෙ කියල බලාගෙන.දැම්ම කෙසෙල්ගෙඩි දෙකයි ඇපල්ගෙඩි දෙකයි.ඕක බලන් හිටපු සිංහයගෙ ඉවසීමේ සීමාව පැන්න.පැනපුගමන් අල්ලගත්ත කෑම දාන කොල්ලගෙ බෙල්ලෙන්ම.කොලුව හොදටම බයවෙලා.බෙල්ලෙන් අල්ලගත්ත කොල්ලගෙන් සිංහය මෙහ්හෙම අහනව.

"ඈ බොල බූරුවො, ‍තෝ දන්නෙ නැද්ද මම සිංහයෙක් කියල, සිංහයො මස් මාලු නොකා පලතුරු කන්නෙ මොන රටේද බොල..?"

එතකොට කොලුව කියනව මෙහෙම.

"මමත් දන්නව ඔබවහන්සේ සිංහයෙක් කියල, ඔබවහන්සේට පලතුරු කන්ඩ බැරිබවත් මම දන්නව, එත් මම මොනව කරන්ඩද රාලහමි,මුන් ඔබතුමාට ගහල තියෙන්නෙ 'ව්ඳුරු වීස' එකක්නෙ ,මටත් තියෙන්නෙ 'බූරු වීස' එකක්"
කියල කිවාලු.


Monday, August 2, 2010

මස්, මාළු, කිරි, බිත්තර...














අද ලන්ච් බ්‍රෙක් එකේදි ඔන්න කට්ටියම සෙට්වෙලා කෑම බීම හෙම බෙදාගෙන කන්න පටන්ගත්ත. මගේගාව තිබුන මස් වගයක් උයල.සතා තමයි "හරක".

මගෙ යාලුවෙක් දවසක් කිව්ව මතකයි මෙහෙම කතාවක්,

"මෙහෙ මචන් හරක් හදන්නෙ මසට, ඒක නිසා කෑවට පව් නෑ බං,
ලංකාවෙනම් පුලුවන් තරම් වැඩ අර්ගෙන අන්තිමට මරනව, ඒකන්ම් පව් වැඩේ"


ඒ කතාව කොච්චර දුරට සාධාරනද කියල මම තර්ක කරන්ඩ ගියෙ නෑ, මොකද තර්ක කර කර හිටියනම් කන්ඩ වෙන්නෙ නෑනෙ.හබැයි මෙහෙ (U.A.E) හරක්නම් ඉපදෙන්ඩත් කලින්ම මස් රාත්තලට ගාන තීරනය කරල ඉවරයි. හරි කමක් නෑ ඒක එයාගෙ ප්‍රතිපත්තිය.මගේනම් එහේම ප්‍රතිපත්තියක් නෑ.මස්, මාළු, කිරි, බිත්තර, චීස්, බටර් ඕන දෙයක් කනව. වැඩිය හිතන්නෙ නෑ.අර කලින් කියපු යාලුවත් එහෙමයි.හැබැයි තව යාලුවෙක් ඉන්නව මස්, මාළු, කරවල, බිත්තර කන්නෙනෑ කිරි බොනව චීස්, බටර් කනව.

ඌ "වෙජිටේරියන්ලු".

එතකොට "කිරි, චීස්, බටර් හදන්නෙ එලවලු තම්බලද..?" කියල මම ඇහැව්ව.

ඌ කියනව ඒව හදන්ඩ සත්තු මරන්නෙ නැතිලු.එතකොට සතාගෙ පැටියට බොන්ඩ තියන කිරිටික උදුරල චීස් හදපුවම අව්ලක් නෑ මම හිතන්නෙ.හරි ඒකත් එයගෙ ප්‍රතිපත්තිය.
තව යාලුවෙක් ඉන්නව සේරම දේවල් කනව හැබැයි "හරක්මස්" කන්නෙ නෑ.
විහිලුත් කරනව ඉතින් සමහර වෙලාවකට, ඉතින් "හරක්" මස් කන්නෙ නෑ නේන්නම් කියල.
මිනිහගෙ තියෙන්නෙ වෙනම ප්‍රතිපත්තියක්.මිනිහ හරක් මස් කාලම නැතිලු ජීවිතේටම.
ඒකනිසා කන්ඩ අප්පිරියයිලු.ම්ම්ම්ම්......මර වැඩක්නෙ?....මිනිහ "ඌරුමස්"කනව.පොඩිකාලෙ ඉදලම ඌරුමස් කනවලු.ඒකටනම් මොනවත් වැ‍රැද්දක් කියන්ඩ බෑ.පුරුදු නැති මස් කන්ඩ මම උනත් දෙපාරක් හිතනවනෙ.අනික ඔය කොරියාව, පිලිපීනය, කාම්බෝජය, මැලේසියාව, චීනය, ජපානය වගේ රටවල සර්පයින්ව, බල්ලන්ව, පූසන්ව, ගොලුබෙල්ලන්වකනව කිව්වම මටත් අප්පිරියයි තමයි.ඒවගේ රටකට ගිහින් කිව්වොත් මම මේව මේව කන්නෙ නෑ කුකුලයි, හරකයි, ඌරයි විතරයි කන්නෙ කියල ඒ මිනිස්සුවුනත් හිතයි මොන පිස්සෙක්ද මේ ? කියල.මොකද එයාලට සර්පයින්ගෙයි, බල්ලන්ගෙයි, පූසන්ගෙයි, ගොලුබෙල්ලන්ගෙයි, හරකුන්ගෙයි,ඌරන්ගෙයි ලොකුවෙනසක් නොදකින නිසා.මොකද සේරම සත්තුනෙ.

මම මේ ලඟදි දැක්ක පත්තරේක තියනව කොහෙද මන්ද හෝටලේක දවල්ට කෑමට තිබ්බ කංකුං ඩෙවල් එකක නයි පැටව් දෙන්නෙක් ඉදල මාර ජරමරයක් වෙලා.කකා හිටපු මනුස්සයට වමනෙත් ගියාලු(එහෙම ලියල තිබ්බද කියලනම් මතක නෑ).ඒත් ඕක කොරියාව වගේ රටක උනානම් කකා හිටපු කෙනා බොරයක් අදින්නෙ නයි පැටවු දෙන්නෙක් මදි කියල මම හිතන්නෙ.


තවදෙයක් මතක්වුනා මේ කතාවත් සමගම කියන්ඩම ඕන .............


ඔන්න දවසක් යාලුවො කීපදෙනේක් එක්ක ගියා පොඩි අඩියක් එහෙම ගහල නාල කරල පොඩි ආතල් එකක් ගන්ඩ්.මේක සෙට් කලේ "මාළු බැමේ උන" බොහෝම තදේට වැලදිච්ච අපෙ මිත්‍රයෙක්.ඉතින් මමත් සෙට්වුනා වැඩේට, මාළු බාන්ඩනම් නෙවෙයි.මට ඕනවුනේ ගං ඉවුරකටවෙලා පොඩි අඩියක් ගහල වල්පල් ටිකක් කතාකරල ගඟේ නාල ෆන් එකක් ගන්න.
ඔතනට සෙට්වෙලා හිටිය අර මාළු මිත්‍රගෙ තව මාළු සගයෙක්.මිනිහ තමයි මාළු බෑමේ ප්‍රොෆෙෂනල් මෑන්.

ඔන්න මුලින් අපි ගෙනිච්ච ලට්ට පට්ට එක්ක කට්ටියම ඉවුරෙ වාඩිවෙලා පොඩි පොඩි අඩි තිය තිය බෝතලේ හිස් කරනව.ටිකකින් මාළු යාලුවො දෙන්න බැස්ස වැඩෙට.කොහෙන්ද හොයන් ආපු දැලකුත් උස්සං දෙන්න බැස්ස ගඟට. මෙන්න පැයකින් විතර එනව මාළු කිලෝ 4-5 ක් අරගෙන.

"යකෝ කාට කන්ඩද ඔච්චර මාළු" කියල අහපි යාලුවෙක්.

"අපිට තමයි" මාළු යාලුව කියනව.

"වැඩි නැද්ද" තව එකෙක් අහනව

"ආ ...මදිවෙයිද කියල අහපන් යකෝ" මාළු යාලුව කියනව.

ඔන්න කට්ටියම පොඩි සපෝට් එකක් එහෙම දීල දැන් "මාළු බාබකිව්" දානව.බෝතල් දෙක තුනක් ඉවරවෙනකොට කට්ටියට හොද ගනන්.මාළුත් පුලුවන්තරම් කාලත් මාළුවො 10-15ක් ඉතුරුයි.කට්ටියටම මාළු කාල එපාවෙලා.මාළු පුච්චන එක නැවැත්තුව.

"දැන් යමුද?"එකෙක් අහනව.

"හා යමු...අර මාළුටික ගනින් ඔතල"එකෙක් කියනව.

"ඔන්න ඕක විසිකරල යමං බං"වෙරිමතේ අපේ මාළු යාලුව කියනව.

"එපා එපා විසිකරන්ඩ"ආයෙම එකෙක් කියනව.

"විසිකරපං බං "මාළු යාලුව,

"එපා බං....උන්ට ගඟේ ඉන්ඩත් නෑ, තොපි කෑවෙත් නෑ, දැන් ඉතින් කාටහරි දෙන්ඩහරි අරං යමං"
වෙරි මතේන් හරි මගෙ යාලුව කිව්ව කතාවගැන මම පහුවෙනිදත් කල්පන කලා.අදටත් සමහරවෙලවට කවුරුහරි තන්හාවට වගේ මස් මාළු ගොඩවල් බෙදාගෙන කාල, කාගන්ඩ බැරිව විසිකරද්දි මට අර සිද්දිය මතක්වෙනව,

ඉතින් කතාව ඉවර කරන්ඩ කලින් තව පොඩි කතාවක් තියනව කියන්ඩ.ඒකෙනුත් කියන්නෙ මොකක්ද කියල ඔයලම තේරුම් ගන්ඩ උත්සාහ කරන්ඩ.මෙන්න මේකයි කතාව.

ඔන්න මෑන් කෙනෙක් ඉන්නවලු, පොරගෙ හෙන....."පොර පාට්ලු."
අර "බොරු ඩීසන්" ජාතියෙ පොරක්.කොහෙ ගියත් පොර හෙන පොර පාට් ලු.
ඉතින් මිනිහ දවසක් බඩගිනිවෙලා යනවලු දවල්ට කන්ඩ.හොද කඩයක් හොය හොය ඇව්දගෙන යද්දි මිනිහ දැක්කලු,

" ඔන්ලි චිකන්"

කියල ඉංග්‍රීසියෙන් ගහල තියනව.අමුතු සීන් එකක් නිසා පොරත් ඔලුව දාල බැලුවලු මොකද කියල.

බලපුවම මේකයි සීන් එක.කඩේ තියන හැම කෑමක්ම කුකුලගෙ මොකක්හරි පාට් එකකින්ලු හදල තියෙන්නෙ.ඉතින් මිනිහ හොද පොර පාට් එකක් දාල අඩගැහුවලු කඩේ කොලුවෙකුට.අඩගහල අහනවලු මෙහෙම.

"ලමය මේක මොනවයින්ද හදල තියෙන්නෙ....?"
"මේක ලිවර් වලින් සර්"
"එතකොට මේක.....?"
"විංස් වලිං සර්"
"මේක...?"
"බ්‍රෙස්ට් වලිං සර්"
බ්ලා...බ්ලා....බ්ලා......පොර ප්‍රශ්න අහනව....කොල්ල උත්තර දෙනව.
ඔහොම අහගෙන අහගෙන පිලිවෙලකට දැන් ගනන් අඩු පැත්තට එනවලු මෑන්.
ඇවිල්ල අන්තිම කෑම තියන තැනට ඇවිල්ල බලනකොට තියනවලු පොඩි පොඩි කලුපාට කෑලි වගයක්.මෑන් අහනවලු,

"මොනවද ලමය මේ....?
"ආ ඕක සර් කුකුලගෙ දිවෙන් හදන් කැමක්"
එතකොට පොර කියනවලු,
"ඈඈ......හ්......ඊයා.......මට ඒව කන්ඩ අප්පිරියයි, මට ඔම්ලට් එකක් දාල ගේන්ඩ" කියල කිව්වලු.

කඩේ ගොලයත් කට අතින් තදකරගෙන යන්ඩ ගියාලු.

කතාව ඉවරයි.....මොකද බලන් ඉන්නෙ....? කතාව ඉවරයි.
තෙරුනේ නැත්තම් මුල ඉදල කල්පනාවෙන් කියවන්ඩ.

Thursday, July 8, 2010

ටැක්සි....... ටැක්සි.......




ම්ම්ම්ම්..........
ලංකාදීප පත්තරේ බලාගෙන ඉන්නකොට දැක්ක සිද්දියක් නිසා මතකුනා පොඩි කතාවක්.
ලංකාදීපෙ දෙයියෝ සාක්කි එකේ තිබ්බා මෑන් කෙනෙක් පොඩි අඩියක් එහෙම ගහල බස් එකක යනවලු.මෑන් බස් එකේන් බැහැල තියෙන්නෙ බහින තැන පහුවෙලා ලු.ඉතින් මිනිහත් එක්ක එතනින්ම බහැපු තව මෑන් කෙනෙක් පොඩි කෝල් එකක් ගන්ඩ කියල ෆෝන් එක ඉල්ලගෙන.මැන් නොම්මරයක් එහෙම ඔබල ෆෝන් එකත් කනේ තියාගෙන පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල , එකපරටම හුරේ රන් එකක් තියන්ඩ ගත්තලු.ඉතින් ෆෝන් එක අයිතිකාරය පොඩි අඩියක් එහෙම දාල හිටපුනිසා අර මෑන්ස්ව අල්ලගන්ඩ බැරිවෙලා.......

ඔය කතාව දැක්කම මට මේ කතාව මතක්වුනා........

මේ සිද්දිය සිද්දවෙල තියෙන්නෙ මගෙ යාලුවෙකුගෙ යාලුවෙකුට.ඒකනිසා නම් , ගම් , දන්නේ නැත.කතාව ඉහත කතාවට සමාන, නමුත් ඊට වඩා පරිප්පුවක් කාපු සීන් එකක්.

මේක සිද්දවුනේ මැදපෙරදිග රටකදි, ඒ කියන්නෙ එක්සත් අරාබි එමීර් වල ,ඩුබායි වල.අපේ කතානායක තුමා මේ රටට ගොඩබහැල ටිකක් කල් වෙනවලු."ලු" කියන්නෙ මේක මගෙ යාලුවෙකුගෙ යාලුවෙකුට උන නිසා..රයිට්...ඉතින් මිනිහ පාරතොට දැන ගත්තට රටතොටේ මිනිස්සු ගැන එච්චර දැනගෙන ඉදල නෑ.ඉතින් දවසක් හවස්වේගන එද්දි මිනිහට මොකක්හරි අවශ්‍යතාවකට පොඩිගමනක් යන්ඩ වෙලා.මිනිහගෙ වෙලාවද කාමරේ අනික් උන්ගෙ වලාවද දන්නෙ නෑ කවුරුවත් කාමරේ ඉඳල නෑ තනියට එක්ක යන්ඩ.

"මොකට බයවෙනවද..?පාරතොට දන්නවනම්.සෙනගත් සූසූ..........ගාල ඉන්න තැනකටනෙ යන්නෙ"

කියල හිතන්ඩ ඇති මිනිහ.(ඔන්න බලන්ඩ මිනිස්සු හිතන විදිය වරදින හැටි).කොහොම හරි ගමන ගිහිල්ල කරගන්ඩ ගිය කටයුත්තත් කරගෙන ඔන්න දැන් ආපහුත් එන්ඩ පටන් ගත්තලු.

ඉතින් මිනිහ මෙතනට ඇවිල්ල තියෙන්නෙ ටැක්සියක.මිනිහට බර ගානක් වියදම් වෙලා.දැන් යන්ඩත් ඒවගේම වියදම් වෙනව නේද කියල හිත හිත ,ඉතින් මොනව කරන්ඩද කියල ටැක්සියක් නතර කරගන්ඩ පොඩි ට්‍රයි එකක් දීගෙන ඉන්නවලු පාර අයිනට වෙලා.ඔහොම ටිකක් වෙලා ඉන්නකොට සුදුපාට කාර් එකක් නැවැත්තුවලු මිනිහ ලඟ.නවත්තල අහනවලු

"කොහාටද යන්නෙ" කියල.

බලපුවම තඩි කලු අප්‍රිකන්කරයෙක්ලු.මෙහෙ නීත්‍යානුකූල ටැක්සි වලට අමතරව හොර ටැක්සිත් දුවනව කියල මෙහෙ ඉන්න අයනම් දන්නවනෙ..? ඉතින් ඒවගෙ ගනන් හිලව් එහෙමත් අනික් ටැක්සි වල ගනන් හිලව් වලින් බාගයක් විතර තමයි වෙන්නෙ.මිනිහත් හිතුවලු එහෙම එකක් වෙන්ඩ ඇති මෙක කියල.මොනා උනත් මෙහෙ හොර ටැක්සි දුවන එකයි ඒවගෙ යන ඒකයි දෙකම නීතියටනම් පටහැනියි.කොහොමින් කොහොමින් හරි මිනිහ යන්ඩඕන තැන කිව්වම ,

"ආ...හරි හරි නගින්ඩ" කිව්වලු.

මේව සෙරම මේ ඉංගිරිසියෙන් කතාවෙච්ච..රයිට්.මමයි මෙ ට්‍රාන්ස්ලේට් කලේ.ඉතින් මිනිහ නගින්ඩ කලින්ම කිව්වලු

"මගේ ගාන මෙච්චරයි" කියල.

කියල තියෙන්නෙ හරි ගානෙන් භාගයයි."හරි හරි..නගින්ඩ" කිව්වලු.

ආ...දැන් අපේ කතානයක තුමත් ඉස්සරහින්ම නැගල ඉඳගෙන එනවලු.ඔහොම ටිකක් දුර එනකොට කල්ලත් මුත් එක්ක හොදට කතාවට වැටිල.දන්නවනෙ දන්න කට්ටිය කල්ලො කොහොමත් කතාවට දක්ශයොනෙ.ඔහොම තව දුර එනකොට කල්ල හොදටම ‍ෆිට්වෙලා අපෙ බුවත් එක්ක.

දැන් ඔන්න ටිකක් වාහන තදබදයක් තියන හරියකට දෙන්න සෙට්වෙලා.යන්ඩම බැරිලු ඉස්සරහට.දැන් කල්ලට හරි හදිස්සියලු.අපේ බුවාට මේක එවලෙ තේරිල නෑ.පස්සෙ කතන්දරේ ටිකක් දුරදිග යද්දි තමයි හිතිල තියෙන්නෙ මූ කලබලෙන් නේද හිටියෙ කියල.ඉතින් මිනිහ ට්‍රැ‍ෆික් එකට බනිනවලු , වාහන කරයින්ට බනිනවලු , පස්සබලනවලු එක වැඩයිලු.අන්තිමට බැරිමතැන මිනිහ වාහනේ අයිනකට කරල නවත්තල කෝල් එකක් ගන්ඩ ට්‍රයි කරනවලු.දෙතුන් පාරක් ට්‍රයි කරල අපේ ලොක්ක දිහාට හැරිල කියනවලු

"යාලුව මට කෝල් එකක් ගන්ඩ ෆෝන් එක පොඩ්ඩක් දෙනවද" කියල.

ලොක්කාතේ තිබිල තියෙන්නෙ දිරාම්(ඩුබයි සල්ලි)2000ක් විතර වටින ෆෝන් එකක්.ඒ කියන්නෙ රුපියල්නම් 60,000 කට ටිකක් වැඩි ෆෝන් එකක්.ඒක මිනිහ යාලුවෙකුටවත් දෙන්නෙ නැතිලු වැඩිය අතපත ගාන්ඩ මොකද එකක් ගනන් වැඩියි අනික අරව මේව වැඩ කෑලි ගොඩයි , කවුරුහරි සෙටිංස් වෙනස්කලොත් එහෙම.. ඉතින් ඔන්න අපේ මෑන් ඇඹරෙද්දි කල්ල කියනවලු

"හරි හරි මම තව10ක් අඩුකරන්නම් කියල"

අම්මට සිරිවේයි කිව්වලු බොලේ නිකංවගේලු ඒතකොට ගමන.මිනිහ පැනපුගමන් ෆෝන් එක දීල තව ඔපරේට් කරන විදියත් කියල දුන්නලු.මෑනුත් ඉතින් නොම්මර වගයක් ඔබල එහෙම කනේ තියාගෙන කාර් එක වටේ ඇවිදිනවලු .අපේපොරත් ඉතින් ඇස් දෙක පොරගෙ ඇගේ ඇනගෙන බලාගෙන ඉන්නවලු සෙටිංස් අල කරයි කියල.ඔන්න බොලේ අපේ පොර පොඩ්ඩක් එහෙ මෙහෙ බලනකන් ඉඳල කල්ල වාශ්පවෙලා.

හරි කොහෙ ගියත් ලොක්ක ආපහු එන්ඩ ඒපැයි වාහනේ ගන්ඩ.අපෙ පොර පොඩ්ඩක් ඔලුව දාල බලපුවාම යතුරත් යතුරු කටේම තියනවලු.ආ කොහොමත් අව්ලක් නෑනේකියල පොර ඉන්නව්ලු වහනේ ඇතුලටම වෙලා.විනාඩි 10ක්-15ක් ගියාලු.කල්ල එන පාටක් නැතිලු.අව්ලක් නෑ වාහනේ මගේ ගාවනේ කියල ගානක් නැතිව ඉන්නව්ලු , මොනව උනත් ගාන තව 10කින් බැස්සුවනෙ කියල හිතල.ඔන්න එකපාරටම හොද උස මහත දෙන්නෙක් ඇවිල්ල කාර් එකේ දොර ගාවම හිටගෙන වටපිට එහෙම බලල එකපාරම දොර ඇරල අපේ ලොක්කව එලියට ඇදල අර්ගෙන බිමදමාගෙන අත්දෙක පස්සට කරල දැම්මලු "මාන්චු".වැඩේට තප්පර 5ක්වත් ගිහින් නෑ.පොරට හිතන්ඩවත් වෙලාවක් තිබ්බෙ නෑලු.අපේ ලොක්ක එකපාරටම කෑගහල ඇහුවලු

"මොකද මේ, කව්ද උඹල , මොනවද කරන්නෙ...?"කියල.

ඔන්න එතකොට මූව කුනුමාලු කෑල්ලවගේ ඇදල අරගෙන කෙලින් කරල වාහනේටම හේත්තු කරල හැදුනුම් පතක් පෙන්නල කිව්වලු

"අපි සී.අයි.ඩී..කෝ තමුසෙගෙ යාලුව....? කියල.

"මොන යාලුවද...?"

කියල අහපුගමන් සට පට ...මූනට හත අටක් ඇනල එතකොටම ආපු වාහනේට දාගෙන ගිහිල්ල.කෙලින්ම පොලිස් කූඩුවෙ.

"වරද මොකක්ද...?"

මු දෙතුන් පාරක්ම අහල තියනව.අහන අහන පාරට දෙක තුනක් කන්ඩවෙනවලු.අන්තිමට අහන එක නවත්තල තවත් ගුටිකන්ඩ බැරිනිසා.මූට දැන් කල්පනවෙනාවලු,

"යකෝ ටැක්සියක ගියපලියට මෙහෙම ගුටිකන්ඩ වෙනවනම්, ටැක්සිය එලවන් ගියානම් කොහොම කන්ඩ වෙයිද" කියල.

ඒත් කෝ ටැක්සිය එලවන් ආපු කල්ල.අපෙ ඔල මොට්ටලයට තාම තේරෙන්නෙ නැතිලු.
ඔන්න රෑ 12.00ට විතර ලොක්කෙක් වගේ පොරක් ඇවිල්ල ගත්තලු මූව එලියට.තවත් කෑමක් තමයි කියල හිතල මුත්

"මොනව කරන්ඩද"

කියල හිතාගෙන එලියට ආවලු.ඔන්න ඒපාර අර අලුගෝසුවො ටික ඈතින් ඉන්නවලු.මෙන්න වැදගත් පිලිවෙලට මේසයක් ලඟ පු‍ටුවක එහෙම ඉන්දවල ප්‍රශ්න අහනවලු.

"කෝ යාලුව..?"
"මොන යාලුවද..?"
"කල්ල..?"
"එයා මගේ යාලුවෙක් නෙවෙයි"
"ඇත්ත කිව්වොත් උඹට තවත් රිද්දන්නෙ නැ, නැත්තම් දන්නවනෙ...?"
"මම ඇත්ත කියන්නෙ ,මගේ යාලුවෙක් නෙවෙයි"
"ඇත්ත් කියපන්........... , ............ , හු................පුතා , තොපි කොහෙන්ද කාර් එක හොරකම් කලේ...? "

කියල මේසෙට ගහල ගෝරනාඩුකලාලු අපේ එකා පු‍ටුවෙන් බිමලු.කොහොමද භය වීම.ඔක්කොටම වඩා හීන් දාඩිය දැම්මෙ අහපු ප්‍රශ්නෙටලු.

"කාර් එකක්......? හොරකම්.......?"

ඔන්න මැන්ගෙ ස්ක්‍රීන් ප්ලේ එක යනවලු දැන්.කාරනෙන් කාරනේ පැහැදිලිවේගන එනවලු දැන්.
කොහොමින් කොහොමින් හරි තව පොඩි කනේපාරවල් දෙක තුනක් ගහද්දි අපේ කොල්ල මරල‍තෝනි දීල අඩල කරල තියනව.ඔන්න ඔහොම ඔහොම කොහොම හරි සී.අයි.ඩී ලොක්කට තේරිලා තියනව මෑන් අහින්සකයි,මෙතන මොකක්ද පටලැවිල්ලක් තියනව කියල.ඉතින් අපේ එකා කියපු කතාව සී.අයි.ඩී ලොක්ක පිලි අරගෙන.ඒත් ඉතින් මු කියන කතා අයිඩෙන්ටි එක බලල විතරක් තීරනය කරන්ඩ බැරිනිසා මිනිහගෙන් අහල යාලුවෙකුගෙ දුරකතන අංකයක්.

හුටා අර 60000ක් විතර වටින ෆෝන් එක කල්ලා අරන් මාරුවුනනේ.යාලුවන්ගෙ කාගෙවත් අංකයක් මතක තියගෙන ඉදල නෑ මැන්.එතන මාර ජරමරේ ඒපාර.කොහොමහරි එලිවෙනකන් යාලුව කූරු ගැනල.අන්තිමේදි පොලීසියෙන් මිනිහගෙ ප(ර්)ස් එකේ තිබිල පොඩි තුන්ඩු කෑල්ලක ලියල තිබ්බ නොම්මරේකට කතාකරල.ඔන්න ඔහොම ලංකාවෙ අහවල් නම තියන කොල්ලෙක් පොලීසියෙ කියන ආරංචිය මෙයාගෙ යාලුවන්ට හම්බවෙනකොට පහුවෙනිද හවස්වෙලා.මෙහෙ ඉතින් යාලුවෙක් දවසකට අතුරුදහන් උනා කියල කවුරුවත් මහා ලොකුවට හොයාන්නෙ නෑ.මොකද සමහරු තමන්ගෙ පුද්ගලික අවශ්යතවයන් සඳහා තාවකලිකව අතුරුදහන්වීම සාමාන්‍ය දෙයක්(ෆෝන් එහෙමත් ඕෆ් කරල) ඒක දන්නෝ දනිති.

ඉතින් ඔය කතාව අහද්දි මම උනත් ඔයගැන ලොකුවට හිතල තිබ්බෙ නෑ.මමත් ඔය ඉදල හිටල හොර ටැක්සිවල ගිහිල්ල තියනව.හැබැයි කතාව අහැවුවට පස්සෙනම් මම හිතාගත්ත කරුනු කීපයක්

1.පයින් ගියත් හොර ටැක්සිවල නොයමි.
2.යාලුවො දෙන්නෙකුගෙවත් ෆෝන් නම්බ(ර්)ස් කටපාඩම්කර ගනිමි.
3.ෆෝන් එකනම් කාටව්ත් අරන් පල කියල දුන්නත් ගෙනියන්නෙ නැත්වෙයි.

Tuesday, July 6, 2010



සමාවෙන්න.....සුභ උපන්දිනයක්......!

ඔන්න මගේ දෙවනි පොස්ට් එක......හැබැයි හරිම කනගා‍ටු දායක සිද්දියක් ගැන තමයි කියන්ඩ තියෙන්නෙ.
සිද්දිය මෙහෙමයි..,
මම අහනව කෙනෙක්ගෙන් මෙහෙම,
ඔබගෙ පෙම්වතියගෙ හරි පෙම්වතාගෙ හරි නැත්තම් ඔබගේ බිරිඳගෙ හෝ ස්වාමියාගෙ හරි උපන්දිනේදි,
ඔබට ඔහුට හෝ ඇයට සුභපතන්ඩ අමතක උනොත් හරි බැරිඋනොත් හරි මොකද කරන්නෙ...?
මොනවගේ තත්වයකට ඔබට මුහුන පාන්ඩවෙයිද..? මොනවගේ දඬුවමක් විඳින්ඩ සිද්දවෙයිද...?
ඒ වගේම ඔබ ගැන ඔබගේම කරන තක්සේරුව මොකක්ද..?
ඒවගේ දෙයක් වරදින්ඩ පුලුවන්ද..?
හරි කොහොමහරි එහෙම අතපසු වීමක් උනයි කියමු..

ඔබ ඒ පිලිබඳ සැලකිලිමත් උනේ නැද්ද..?
මතක තිබ්බත් අන්තිම මොහොතෙ අමතක උනේ ඇයි..?
ඔබ ආදරය කරන කෙනාගෙ උපන්දිනය ඔබට වැදගත්කමක් නැද්ද..?
නැත්තම් ඔබ ඒ කෙනාට ආදරය නැද්ද..?

පිරිමියෙකුනම් ඇතිවෙන හැගීම තමයි මුලින්ම තරහ
ඊට පස්සෙ කලකිරෙනව...එපාවෙනව...
හැහැනියක්නම්...?
මේ සේරම දේවල් වලට කලින් හොදටම දුක හිතෙනව...හොදටම අඬනව..
ඊට පස්සෙ තමයි අනික්ව.

හොඳයි.., ඔබ මොකක්ද දෙන දඬුවම..? නැත්තම් මොකක්ද ඔබ බලාපොරොත්තුවෙන දඬුවම..?
හවසට ‍ෆිල්ම් එකක් බලන්ඩ එක්කයන ඒක..?
රෑ කෑමකට එක්කයන එක..?
මොනවකලත් වැඩක් නෑ වරද වෙලා ඉවරයි නේද.?

හරි.., දෙන්නා ඉන්නෙ එදිනෙදා මුන ගැහෙන්ඩ බැරි තරම් දුරකනම්..?

තමන් වෙනුවෙන් දහස් ගනන් කැපකිරීම් කරල..
තමන්ගෙ දරු මල්ලොත් බලාගෙන
ගෙවල් දොරවලුත් බලාගෙන
තමන්ගෙ දෙමවුපියන්ට සහෝදර සහොදරියන්ට තමන්ගෙන් කෙරෙන්ඩ ඕන යුතුකම් සේරම බලාගෙන
ඉන්න කෙනෙක්ට සුභ පතන්ඩ ඔබට බැරිඋනනම්...

දෙන්ඩ ඕන උපරිම දඬුවමද "කමක් නෑ......දුකහිතිල පොඩ්ඩක් ඇඬුව තමයි, ඔයා කොහොමත් මට ආදරෙයිනෙ....,මම ඒක දන්නවනෙ..., ඒකනිසා මම ඒක අමතක කරල දැම්ම" කියන එක..?

සමාවෙන්න............සුභ උපන්දිනයක්...!

Monday, July 5, 2010

ආයුබෝවන්....!


ආයුබෝවන්....!

එහෙම කිව්වෙ මේක සිංහල බ්ලොග් එකක් නිසාවත් , සිංහලෙන් ලියන නිසාවත් නෙවෙයි.ඒක මට ලන්කාවෙ කෙනෙක් දැක්කම දැන් නිකංම කියන්ඩ පුරුදුවෙලා.
ඒකෙන් අදහස් කරන්නෙ නෑ මම අමුම අමු සිංහල පොරක් කියල.නැත්තම් නිකන් ෂෝ එකට එහෙම කරනව කියල.
ඇත්තටම කියනවනම් මම මේක පුරුදු උනේ මගේ හිතේ ඇතිවෙච්ච තරහක් සහ මමගැනම ඇතිවෙච්ච ලජ්ජාවක් නිසා.
ඒක උන විදිය කියනවනම් මේකයි විස්තරේ......

පොඩිකාලෙ ඉදලම මම පුරුදුවෙලා හිටියෙ උදේට කවුරුහරි හම්බවුනම "ගුඩ් මෝනිං"කියන්ඩ.
හැබැයි කවදාවත් අපේ අම්මවත් තාත්තවත් වෙන කවුරුහරි වැඩිහිටියෙක්වත් ඉස්කෝලෙදිවත් කියල දීල නෙවෙයි. හැමදාම හැමෝම කියනව බලාගෙන ඉදල මමත් පුරුදු උනා.ඒකත් පුරුදු උනේ ඉස්කෝලෙ 10 වසරට විතර ගියාට පස්සෙ.උදේට බස් එකේදි හම්බවෙන කෙල්ලොත් එක්ක චැට් එක පටන්ගන්ඩ ලේසිම විදිය,
"ගුඩ් මෝනිං"කියන එක නිසා.
(සමහර කෙල්ලො හැබැයි තාමත් දැක්කම "ගුඩ් මෝනිං" කියනව විතරයි).
ඉතින් ආයේ ඔය "ගුඩ් මෝනිං" කියන වචනෙ කියන්නෙ ඉංග්‍රීසි පාඩමට ටීචර් පංතියට ආවම.
අනික් හැම වෙලාවකම ටීචර් පංතියට ආවම "ආයුබෝවන් ලමයි" කිව්වම "ආයුබෝවන් ටීචර්" කියල ඉදගන්නව.ඒත් මටනම් මතක නෑ කවදාවත් මම ඒ "ආයුබෝවන්" කියපු එක කට ඇරල කියනව.
ඉතින් ඔහොම පටන් ගත්ත එක දිගටම (අවුරුදු 7ක්-8ක් විතර) හැමදාම , හැමෝටම උදේට "ගුඩ් මෝනිං" කියනව.

ඔහොම ඉතින් කාලයක් යද්දි රස්සාවක් කරන්ඩ පටන් ගත්තත් හැමදාම වැඩ තිබ්බෙ මහා කැලෑවක් මැද්දෙ, එහෙමත් නැත්නම් මිනිස් පුලුටක්වත් නැති තැනක.මොකද මම රස්සාව කලේ ඉදිකිරීම් සමාගමක නිසා.

ඔහොම කාලයක් ඉන්නකොට මට සිද්දවුනා ඔන්න කොලඹ යන්ඩ රස්සාවකට.ඔන්න අයෙමත් පටන්ගත්ත "ගුඩ් මෝනිං".
හැබැයි ටිකක් කෙටිකරල "මෝනිං" කියල තමයි කියන්නෙ.උදේම කෝච්චියට නගින හැමෝටම,
"මෝනිං" "මෝනිං" "මෝනිං"
කියල ගිහිල්ල ඉඩතියන තැනක් බලල වාඩිවෙලා පලමු වටේ නිදාගන්නව.ඉස්සරලාම නැගිටින්නෙ "වේයන්ගොඩින්".මොකද ලොකු සෙනගක් පොරකාල නගින්නෙ එතනින් ඉස්සරලාම.
එතකොට ඇස් ඇරල බලපුවම ඔන්න දන්න අදුනන නංගිල කීපදෙනෙක් ඉන්නව.එයලටත්
"මෝනිං" " මෝනිං"
කියල අයෙමත් නිදාගත්තම ඇහැරෙන්නෙ ගම්පහින්. ඉතින් අර වේයන්ගොඩින් නැගපු නංගි කෙනෙක්ට සීට් එක දීල මම නැගිටිනව.ඔන්න එතකොට තව 10ක්-15ක් ඉන්නව අදුනන අය. සේරටම "මොනිං"කියල, අන්තිමට "මරදාන"ට යනකන් ගිහින් බැහැල ඔ‍ෆිස් යනව.ගියවෙලේ ඉදන් එන එන කෙනාට "මෝනිං" කියනව. ඔහොම අවුරුද්දක් හමාරක් යද්දි කටේ දිවේ ගෑවෙන්නෙ නැතුව "මෝනිං"කියන්ඩ මම කොහොමහරි පුරුදූනා.

ඔන්න ඔහොම ඉන්නකොට මගෙ පරන කරනලද අකුසලකර්මයකට පිං සිද්දවෙන්ඩ මට "කටාර්"දේශයේ රස්සාවකට අවස්තාවක් ලැබුන.එහෙ ගිය මුල්ම දවස්වල මට වැඩ පොඩ්ඩක් අල්ලගන්ඩ අමාරුවුන නිසා මුලදි මට එච්චර පිලිගැනීමක් තිබුනෙ නෑ ඔ‍ෆිස් එකේ.ඉතින් උදේම ලොක්කෙක් දැක්කම "මෝනිං" කියල කටින් පනිනව, මොකද එහෙමහරි ශේප් එකේ ඉන්ඩ ඕනනේ වැඩ ටිකක් අල්ලගන්නකන්.ඉතින් මේ ඔ‍ෆිස් එකේ හිටිය උන්ගෙන් 75%ක් විතර අරාබි කාරයො.උන්ට ,
"මොනිං" කිව්වම උන්,
"අසලාම් අලික්කුම්"කියනව.
අපේ ගමට අල්ලපු ගම මුස්ලිම් ගමක් නිසා මම දන්නව මුන් මුස්ලිම් නිසා තමයි මෙහෙම කියන්නෙ කියල.
ඒත් ඉතින් මමත් එක්ක කෝච්ච්යෙ යන මුස්ලිම් යාලුවන්ට "මෝනිං" කිව්වම උන් "මෝනිං" කියල කියනවනෙ? .උන් උන් දෙන්නෙක් සෙට් උනාමනම් මම දකිනව "අසලාම් අලික්කුම්"කියනව.ඒත් මේක මර සීන් එකක් නෙ මුන්ට කිව්වම මුන් ගනන් ගන්නෙ නෑ. අංතිමට මමත් සලාම් කියන්ඩ පටන් ගත්ත.ඔ‍ෆිස් එකේ ඉන්නව ඉන්දියන් කාරයො 3කුයි පිලිපීන්2කුයි ලංකාවෙ 2කුයි මායි ලංකාවෙම 3යි. උන්ටනම් "මෝනිං"කිව්වම සුපුරුදු ප්‍රතිචාර ලැබෙනව, "මෝනිං" කියල.

ඉතින් ඔහොම කාලයක් යද්දි ඔන්න දැන් වැඩ එහෙම ටිකක් අල්ලගෙන මම ඔ‍ෆිස් එකේ ස්තාවර තත්වයකට එන කාලෙ.දැන් ටිකක් දන්නව මොනවද මුන් කතකරන භාෂා එහෙම කියල.ඔහොම ඉන්නකොට තමයි මට තේරුනේ. ඉන්දියන් කාරයොත් අපිට මූනට "මෝනිං" කිව්වට උන් උන් සෙට් උනාම "නමස්තේ ජී"......"නමස්කාර් සහාබ්"කියකිය බදාගන්නව.ඔහොම ඔහොම මට තේරුනා අරාබි කාරයො විතරක් නෙවෙයි ඉන්දියන් කාරයොත් තමන්ගෙ උන් හම්බෞනම තමන්ගෙ භාෂාවල් වලින් තමන්ට උරුම උන දේවල් වලින් තමයි අදහස් හුවමාරු කරගන්නෙ කියල.ඉතින් ඇත්තනෙ තමන්ගෙ රටේ, තමන්ගෙ ජාතියෙ, තමන්ගේ භාෂාව කතාකරන දෙන්නෙක හම්බවුනාම මොකටද වෙනිං කාගෙවත් භාෂාවකින් කතකරන්නෙ.මම මේක කිව්ව මගෙ යාලුවෙකුට.හැබැයි නිකං ඔහේ කියවගෙන යද්දි කියවුනා.මිනිහා මෙන්න මෙහෙම කිව්ව.

"මචන් මේකයි, ඕක අපේ උන්ගෙ තියන මහා ඔල මොට්ටල ගතියක්,ඉංග්‍රිසියෙන් කතකරන්ඩ ඕන තමයි,
නමුත් ඉතින් තමුන්ගෙ ජාතියෙ මිනිස්සු ඉස්සරහ තමුන්ගෙ භාශාවෙන් කතාකරන්ඩ පුලුවන් කමක් තියෙද්දි වෙන භාෂාවකින් කතාකරනෙ මොකටද?"
මම කියනව "එතකොට මිනිස්සුන්ගෙ උගත් කම පේනව, හොද රස්සාවක් කරනව කියල අපිට පේනවනෙ මචං"
"බංබුව,ඒකෙන් උගෙ ඉංග්‍රීසි දැනුම තියනව කියල පෙනුනට උන්ට මොලයක් තියනව කියල කොහොමද යකෝ කියන්නෙ..?"
"ඇයි...?"
"ඇයි යකෝ.....උඹ හිතන්නෙ උඹගෙ ජාතියට වඩා අනික් ජාතිය උසස්, උන්ගෙ භාෂාව උසස්, උන්ගෙ ගතිගුන උසස් කියල .
උඹගෙ ජාතිය ගැන උඹට අභිමානයක් නැද්ද.....? උඹ හිතන්නෙ උඹේ ජාතියට වඩා උන් මහ අභිමනවත් ජාතියක්.
උඹ උන්ව අනුගමනය කලොත් උඹත් මහ වැදගත් පුද්ගලයෙක් වෙනවා කියලද...?"
"අනේ නෑ මචන්, මම එච්චර ඒ ගැන හිතුවෙ නෑ.පොඩිකාලෙ ඉදල පුරුදු උන දෙයක් නිසා මමත් ඔය "මෝනිං" කියල එහෙම කියනව"
"ආආ.......බලපන් "මෝනිං" කියන එකේ තියනවද කිසිම ප්‍රානවත් ගතියක්.නිකම්ම නිකං "උදයක්" කිව්වම මොකක්ද බං ඒකෙ තියන ප්‍රානවත් ගතිය
ඒවගේද බං උදේම "ආයුබෝවන්" කියල ඒ කෙනාට "ආයුශ වැඩිවේවා" වගේ දෙයක් ප්‍රාර්තනා කරන්ඩ බැරි.
ඒක උඹේ භාෂාවෙනුයි උඹේ සංස්කෘතියෙනුයි ආපු දෙයක් නේද..?ඒ තරම් වැදගත් දෙයක් අරවගේ නොවැදගත් දෙයකට වාඩ පහත් කියල උබ හිතන් ඉන්නෙ ඇයි...?"
"නෑ මචන් මම එහෙම ඩෙයක් කල්පනා කරල නෙවෙයි මෙච්චර කල් එහෙම කලේ...?"
"අනික අපේ උන් එහෙම කලාට අනික් රටවල් වල උන් එහෙම කරනවද...? ඒකනෙ උන් උන්ගෙ උන් දැක්කම "සලාම් අලික්කුම" "නමස්තෙ" "නමස්කාර්"කියන්නෙ.
උන්ට උන්ගෙ ජාතිය ගැන අභිමානයක් තියනව, අපේ උන්ට ඒක නෑ.." යාලුව දන්නවිදියට පැහැදිලි කලා.

මමත් ඉතින් ඒක හිතේ තියගෙන පහුවෙනිද ඔ‍ෆිස් එකට ගිහින් උදේම ලංකාවෙ එකා හම්බවුනම
"ආයුබොවන්" කියල කිව්වම මූ
"ඈ....?"
"ආයුබොවන්"
"මොකඩ බං උඹට වෙල තියෙන්නෙ...?" කියල අහනව.
මමත් ඉතින් පොඩි හිනවක් දාල යන්ඩ ගියා.එදා ඉදල මම ලංකවෙ කෙනෙක්කොහෙදි කොයිවෙලාවක හම්බවුනත්
"ආයුබෝවන් තමයි කියන්නෙ.දැනටත් කවුරුහරි හම්බවෙලා "ආයුබෝවන්" කිවුවම "ඈ......?" කියන අය නිතර හම්බවෙනව.
ඉතින් මේක මගෙ පලමු පොස්ට් එක වෙච්චි..........
මෙච්චර ලියන්ඩ හිතගෙනත් නෙවේ පටන්හත්තෙ.මොනව ලියනවද කියල හිතලත් නෙවෙයි පටන් ගත්තෙ.මම ලියන්ඩ දක්ශයෙකුත් නෙවෙයි.
කියවන්නෙත් නෑ එහෙමටම.නෙට් එකේ පත්තර ටිකනම් බලනව නොවරදවාම.මේ ලගදි ඉදන් සිංහල් බ්ලොග් කියවනව.
මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්ඩ.වෙන මොකුත් නෙවෙයි.කියන දේවල් අහගන ඉන්ඩ බැරිනම් ලියන දේවල් බලන්ඩවත් පුලුවන්නෙ කැමතිකෙනෙකුට.
එහෙමත් බැරිනම් ලිපු දේවල් මෙ බ්ලොග් එකේ තියෙන්නෙවත් නැතෑ කාලයක්...........මට හරි බලන්ඩ පස්සෙ කාලෙකදි.

එහෙනම් හැමොටම සුභ.....
මීට සිරිබිය....